චීන කුකුළු ගොවිපොළක ගින්නක්: සේවකයෝ 120 ක් මියයති


වයඹදිග චීනයේ කුකුළු ගොවිපොළක ඊයේ (3) හදිසියේම හටගත් ගින්නකින් එහි සේවකයෝ 120 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 53 ක් තුවාල ලැබූහ.
ගින්න හටගත්තේ ජින් පළාතේ දෙහූයී නුවර පිහිටි 300 දෙනකු සේවය කරන බොයෝන් නමැති කුකුළු ගොවිපොළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, ඒ ගැන පරීක්ෂණ පැවැත්වෙයි.