ගූගල් සමාගමේ කළමනාකාරිනියක වන වැනිසා මාර්කොට් (27) මැසචුසෙට් ප්‍රාන්තයේ දී දූෂණය කොට මරාදමා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
මැසචුසෙට් හි ප්‍රින්ස්ටන් හි ශාරීරික අභ්‍යාස කරමින් සිටියදී ඇය අතුරුදන්ව ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබුණු අතර පොලිස් බල්ලන් යොදා කළ මෙහෙයුමකින් පසු ඇයගේ මවගේ නිවසට සැතපුම් භාගයක් පමණ දුර කැලයේ තිබී ඇගේ සිරුර හමුවූ බවත් එහි පොලිසිය කියයි.
ඇය දූෂණය කොට ඝාතනය කර සිරුර පුළුස්සා ඇතැයි කියති.
ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචිව සිටි ඇය ගූගල් සමාගමේ ගිණුම් කළමනාකාරිනියක ලෙස කටයුතු කළාය. ඇය මියගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නැති බවද කියති.



