ලොව ප්‍රකට ඇමෙරිකානු ෆෙඩෙක්ස් භාණ්ඩ ප්‍රවාහන සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පියාසර කරමින් තිබියදී ගිනි ගත්තේය. ඒ අනුව, යානය හදිසි ගොඩබැස්සවීමකට ලක් කිරීමට නියමුවන්ට සිදුවිය.
අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ නෙවෝක් ලිබර්ටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ගමන් ඇරැඹූ යානයේ සුළු වේලාවකින් ගින්න හටගත් බව පැවැසෙයි.
යානයේ නියමුවන් ද ඇතුළුව තිදෙනකු සිටි අතර ඔවුන් කිසිවකුටවත් අනතුරක් සිදුවූයේ නැත. යානය ගුවන් ගත කිරීමේ දී එහි එන්ජිමක කුරුල්ලන් ගැටීමෙන් ගින්න හටගෙන ඇති බව මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ද පැවැසෙයි.
(සී.එන්.එන්.)