අහමදාබාද් ගුවන් යානා අනතුරින් මියගිය ගණන මේ වනවිට 270 දක්වා ඉහළ ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ගුවන් යානය කඩා වැටෙද්දී එහි දෙසිය හතලිස් දෙදෙනකු සිටි අතර, ඔවුන්ගෙන් එක් අයකු පමණක් හාස්කමකින් මෙන් දිවි බේරා ගත්තේය.
යානය කඩා වැටුණේ වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලකටය. එහි සිටි පිරිස ද අනතුරින් ජීවිතක්ෂයට පත්වූහ.
යානය කඩා වැටෙද්දී, බිම සිටි කොපමණ පිරිසක් මිය ගියාද යන්න තහවුරු කිරීමට බලධාරීන් උත්සාහ ගනිමින් සිටින බවත්, ඩී.එන්.ඒ. සාම්පල ලබා ගනිමින්, ගලපමින් පිළිස්සුණු මළසිරුරු හඳුනා ගැනීම මන්දගාමී ක්‍රියාවලියක් බවත් පැවැසෙයි.