ගාසා තීරයේ මුස්ලිම් පලස්තීනුවන් පදිංචි කරවීම සඳහා සෞදි අරාබියේ ඉඩම් ලබා දිය යුතු යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසා ඇත. මෙය සෞදි රජයේ දැඩි විරෝධයට හේතුවක් බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින්, සෞදි විදෙස් අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ගාසා පලස්තීනුවන්ට අමු අමුවේ ඝාතනය කරන යුද අපරාධකරුවකු ලෙස සැලෙකන ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පලස්තීනුවන්ගේ ජීවත් වීමට ඇති අයිතිය උදුරා ගැනීමට උත්සාහ ගන්නා බවය.
ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ගැටුමකින් තොරව ජීවත් වීමට අසල්වැසි රටකින් ඉඩම් ලබා දීමට තමන් කටයුතු කරන බවත්, ගාසා තීරය ඇමෙරිකාවට පවරා ගනිමින්, එය සංවර්ධනය කරන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නෙදන්යාහු අතරේ සාකච්ඡා පසුගිය සතියේ පැවැත්විණි. ඒ නෙදන්යාහු වෙෂින්ටන් අගනුර ධවල මන්දිරයේ දී ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය.