මහත්මා ගාන්ධිතුමන්ගේ රුව සහිත තෙල් සායම් සිතුවමක් ලන්ඩනයේ පැවති වෙන්දේසියකදී පවුම් 152,800 කට (ඩොලර් 204,648) අලෙවි වූ බව විදෙස් මාධ්‍ය පවසයි.
1931 වසරේ දී ගාන්ධිතුමන් ලන්ඩනයට ගිය අවස්ථාවේදී බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ක්ලෙයාර් ලයිටන් විසින් පින්තාරු කර ඇත. මෙය ඉතා දුර්ලභ සිතුවමකි.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් ලෙස පැවැති සමයේ දී, ගාන්ධිතුමා, ඉන්දියාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා ව්‍යාපාරයක් මෙහෙය වීය. අහිංසාවිදයේ පියා ලෙස සැලකෙන්නේ ද ගාන්ධිතුමාය.