මහත්මා ගාන්ධිතුමාගේ අනුරුවකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
හින්දු මහ සභාව විසින් සංවිධානය කරන ලද ගාන්ධි මහතාගේ 71 වැනි අනුස්මණ උත්සවසක දී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
ඇය විසින් අදාළ වෙඩි තැබීම සිදුකරන අයුරු ඇතුළත් විඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. ඒ අනුව අදාළ කාන්තාව ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවගේ සැමියා ද එම වීඩියෝ දර්ශනවල කැපී පෙනේ.
බීබීසී ඇසුරෙනි
(28535)

