අප්‍රිකාවට අයත් කොංගෝ රාජ්‍යයේ, කින්ෂාසා අගනුවර ජලයෙන් යටවිය. ඒ, පසුගිය දින කීපය තිස්සේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.
කොංගෝ මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 500 කට වැඩි පිරිසක් අවතැන් වුණු බවත්ය.
මහ වැසි සමඟ පිටාර ගැලුවේ, ජීලී ගංගාවය. මෙම ගංගාව, මිලියන 17 ක් වාසය කරන කින්ෂාසා අගනුවර මැදින් ගලා බසින ප්‍රධාන ගංගාව වෙයි.
ජීලී ගංගාව පිටාර ගැලීමෙන්, අගනුවර ප්‍රධාන මාර්ගය මුළුමනින්ම යට වී ගියේ ගමනා ගමන කටයුතු අඩපණ කරමිනි. ජල ගැලීමත් සමඟ මාර්ගයේ තැනින් තැන සිරවුණු පිරිස්, පැය ගණනක් කොටු වී සිටි බව පැවැසෙයි. ඇතැමුන් ඔවුන්ගේ මෝටර් රථ තුළ රැය පහන් කළ බව ද වාර්තා වේ.
ගංගාව පිටාර ගලද්දී, ගංගාව අසලින් ඉදි කර තිබුණු නිවාස පෙළක් කඩා වැටුණු බව පැවැසෙයි. මියගිය වැඩි දෙනා එම නිවාසවල වැසියන්ය. කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනකු එම කඩා වැටුණු නිවාසවල සිටි බව ද වාර්තා වේ.
(ඒ.එෆ්.පී.)