කොංගෝ ජනරජයේ, පැතිර යන අබිරහස් වයිරස රෝගයට මේ වනවිට 53 ක් බිලි වී ඇති බවත්, තමන් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
කොංගෝව යනු නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයකි. සෞඛ්‍ය බලධාරීන් මෙම නව වයිරසය ‘අබිරහස්’ වයිරසයක් බව හඳුන්වන්නේ, මෙහි සුලමුල සොයා ගැනීමට වෛද්‍යවරුන්ට නොහැකි වී ඇති බැවිනි.
තද උණ, හිසරදය, ඇගපත වේදනාව රෝග ලක්ෂණ වෙයි. කොංගෝ සෞඛ්‍ය බලධාරීන් ඊයේ (27) නිකුත් කළ නිවේදනයක දැක්වූයේ ගතවුණු පැය 24 ඇතුළත කුඩා දරුවන් සිවු දෙනකු අබිරහස් උණ රෝගයට බිලිවුණු බවය.