යුරෝපයේ විහාරස්ථානයක ප‍්‍රථම වරට පවත්වන ලද කිරි අම්මා දානය පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේදි පැවැත්විණි.
මෙයට සමගාමීව පොසොන් පෝය වෙනුවෙන් පෙහෙවස් සමාදන් වීමේ පිංකමක් ද සිදු කැරිණි.
විහාරාධිපති තලංගල්ලේ සුමංගල , විලච්චියේ ධර්ම විජය , බෝපේ චන්දානන්ද , කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුගේ ප‍්‍රධානත්වයෙන් පිංකම් පැවැත්විණි.්
ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ විහාරාධිපති විලච්චියේ ධර්ම විජය හිමියෝ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදි වැඩසටහන් මෙහෙයවමින් පොසොන් පෝය වැඩසටහනක් ද සිදු කළහ.











