පිපාසයෙන් පීඩිතව සිටීම නිසාදෝ නිනව් නොමැතිව වතුර බොමින් සිටි සිංහයෙකු ශබ්ද නොනගාම තමන් අසළට පැමිණි හස්තියෙකුගේ පාදයට හසුව කැලේ පොඩි නොවී අනූනවයෙන් ගැලවී පලා යනු බොට්ස්වානාවේ නැක්සායි තැන්නේදී දැකගත හැකිවිය.
සිංහයාගේ මුහුණ තිබුණේ දියවලෙහි සැඟවීය. ඒ නිසා අවට ශබ්ද ඇසුනේ නැතැයි සිතිය හැකිය.
හස්තියා ඈත සිට දියවලට කිට්ටු කළ අතර සිංහයා අසලටම පැමිණි හෙතෙම හරියටම සිංහයාගේ හිසට ඉහළින් තම දකුණු පය එසවූයේය. තවමත් සිංහයාට මේ ගැන වගේ වගක් නැත.
හස්තියා පාදය පහතට හෙළන්නට ගත්තා පමණි සිංහයා වහාම උඩ බැලීය. අන්තරාය වටහාගෙන වහාම එතැනින් පැන දිවූයේය.
එමෙම අපූරු සිදුවීම තම කැමරාවේ සටහන් කරගත් දකුණු අපි‍්‍රකා ජාතික ජෝන් බර්නාඩ් පවසන්නේ සිංහයා අවසාන මොහොතේදී උඩ නොබැලූයේ නම් අනිවාර්යයෙන්ම හස්තියාගේ පයට හසුව පොඩිව යන්නට ඉඩ තිබූ බවයි.පසුව හස්තියාද එම ස්ථානයෙන්ම දිය පානය කර නික්ම ගිය බව ඔහු කියයි.

![2A2A007A00000578-0-image-a-2_1435865144495[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A007A00000578-0-image-a-2_14358651444951.jpg)
![2A2A007E00000578-3147692-image-a-4_1435865652426[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A007E00000578-3147692-image-a-4_14358656524261.jpg)
![2A2A006600000578-0-image-a-3_1435865153778[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A006600000578-0-image-a-3_14358651537781.jpg)
![2A2A015700000578-3147692-image-a-7_1435865679421[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2A015700000578-3147692-image-a-7_14358656794211.jpg)
