ප්‍රංශයේ කොටසක් ලෙස පැවැති නිව් කැලිඩෝනියාව, නව රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත.
ඒ, පසුගිය වසර පුරාවට, ස්වයං පාලනයක් අවශ්‍ය යැයි නිව් කැලිඩෝනියා වැසියන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, දීර්ඝ වශයෙන් පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුවය.
ඇතිකරගත් නව ගිවිසුම පිටු 13 කින් සමන්විත අතර, එහි ස,හන් වෙන්නේ, ප්‍රංශයේ කොටසක් ලෙස රැඳී සිටිමින්, නව කැලිඩෝනියා යනුවෙන් නව රාජ්‍යයක් නිර්මාණය වනු ඇති බවය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය ඓතිහාසික ගිවිසුමක් බවය.
නිව් කැලිඩෝනියාවේ මුල් පදිංචිකරුවන් වන්නේ කනක්වරුන්ය. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ, කොන්දේසි විරහිතව, නව කැලිඩෝනියා රාජ්‍යයට පූර්ණ නිදහසක් අවශ්‍ය බවය.
නිව් කැලිඩෝනියාවේ ලක්ෂ තුනකට ආසන්න පිරිසක් ජීවත් වන අතර, එයින් සියයට 40 ක් කනක්වරුන් බව පැවැසෙයි.