ඇමෙරිකාව සමග ඇණහිට ඇති වෙළෙඳ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමේ අරමුණින්, කැනඩා රජය ඇමෙරිකන් තාක්ෂණ සමාගම් ඉලක්ක කරගනිමින් පැනවූ ඩිජිටල් සේවා බද්ද අවලංගු කිරීමට තීරණය කර ඇත.
කැනඩා මුදල් අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ අදාළ ඩිජිටල් සේවා බද්ධ කැනඩාව විසින් අවලංගු කරන බවත්, කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජූලි මස 21 වැනි දින වන විට වෙළෙඳ ගනුදෙනුවකට එකඟවීමේ අරමුණින් නැවත සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත්ය.
කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගියදා තීරණය කරන ලද්දේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමගය.