පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කළැයි කැනඩාවේ ඔන්ටේරියාවේ හෙදියකට(49) එරට අධිකරණය චෝදනා ගොනු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය සේවය කළ රෝහලේ රෝගීන් අට දෙනෙකුට ඖෂධ අධීක මාත්‍රා ලබාදීමත් වැරදි ඖෂධ ලබාදීමත් මගින් මෙම ඝාතන සිදුකර ඇතැයි පොලිසිය කියයි.2007-2014 කාලයේදී එම රෝගීන් මරණයට පත්ව ඇත. ඇය මීට වසර දෙකකට පමණ පෙර විශ්‍රාම ගත් බව රෝහල් බලධාරීහු කියති.
ඔන්ටේරියා හෙද විදුහලේ වාර්තා අනුව ඇය 1995 දී හෙදියක ලෙස ලියාපදිංචි වී ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන ඇත.
මිය ගිය අයගෙන් පස් දෙනකු කාන්තාවන් බව ද සදහන් වෙයි.ඇයට විරුද්ධව නඩු පැවරීම සඳහා මිය ගිය රෝගීන්ගේ දරුවෝ ඉදිරිපත් වූහ.



