කාශ්මීරයේ බෙදුම්වාදී පිරිස් විසින් පාසල් 27ක් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වෙයි. එමෙන්ම ඉන්දු - පාකිස්තාන දේශ සීමා ගැටුම් හේතුවෙන් පාසල් 200ක් පමණ වසා දැමීමට සිදු විණි.ජාතීවාදි ගැටුම් මුල්කරගනිමින් පාසල් ශිෂ්‍යයින්ට ද පහර දී ඇති බවත් පාසල් රැසක ගොඩනැගිලි යුද ක්‍රියාකාරකම් සදහා යොදාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.පාසල් රැසක් දින 100ක සිට පමණ වසා දමා ඇත.
ප්‍රදේශයේ පාසල් රැසක් කාශ්මීරයේ ඇති වූ ජාතිවාදී ගැටුම් වල ප්‍රධාන ඉලක්කයක් බවට පත්වී ඇත.පාසල් ගිනි තබන පිරිස් මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඉන්දීය පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
යුද ගැටුම් සදහා පාසල් ගොඩනැගිලි යොද නොගන්නා ලෙසත් පාසල් ගිනි තැබීමෙන් වළකින ලෙසත් මානව හිමිකම් සංවිධාන ඉල්ලයි.එමෙන්ම මානව හිමිකම් උල්ලංගනය කරමින් පාසල් වලට ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවද කියයි.පාසල් සිසුන් ගැටුම් සදහා යොදාගන්නා බවද එම සංවිධානය චෝදනා කරයි.

(ඡායාරූප-ඊ.පී.ඒ)

