කාශ්මීරයේ ගැටුම් උග්‍ර වේ


ඉන්දු පකිස්ථාන ගැටුම් පවතින කශ්මීරයේ ඉන්දියාව දෙසින් එල්ල කළ ශෙල් ප්‍රහාර වැදී මගී බස් රථයක ගමන්ගත් නව දෙනකු මියගොස් ඇතැයි පකිස්ථාන බලධාරීන් පවසයි. මෙම ප්‍රහාරයෙන් 11දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවසේ.

තවත් ෂෙල් ප්‍රහාරයකින් කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් දෙදෙනකු මියගොස් ඇතැයි ද පකිස්ථානය පවසයි.

ඉන්දියානු පාලන කොටසේ සොල්දාදුවන් තිදෙනකු මරා දැමීම සම්බන්දව පකිස්ථානයට චෝදනා එල්ල කරන ඉන්දියාව  පලි ගන්නා බව පවසා තිබිනැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

_92616364_mediaitem92615780 _91767638_kashmir_map624