ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකදී එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් හත් දෙනකු ඇතුළු දහතුන් දෙනකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. වෙඩි ප්‍රහාරය එල්ල කළ ඝාතනයන් දෙදෙනාද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත. තවත් සිසුන් 35ක් හා පොලිසියේ නව දෙනකු තුවාල ලබා ඇති අතර විශ්ව විද්‍යාලය තුළ සිරවී සිටි 750ක් බේරාගෙන ඇත.




