කාබුල් බෝම්බයට 14ක් බිළි


ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවරට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 14 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ප්‍රහාරයෙන් 8 දෙනකු තුවාල ලබා ඇති බවත් නේපාල ජාතික පිරිසක් රැගත් බසයකට බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇති බවත් කියති.

තලේබාන් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තා කියයි.