ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී ඇමරිකා ජාතිකයකු හා ඕස්ට්‍රේලියා ජාතිකයකු පැහැර ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
සඳුදා (8) අලුයම මොවුන් පැහැරගෙන ගොස් ඇතැයි ද අධ්‍යයන කටයුත්තක් සඳහා පැමිණි ඔවුන් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ඇමරිකන් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු බවද කාබුල් පොලිස් ප්‍රධානී අබ්දෙල් රහුමාන් රහිමි පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අරඹා ඇතැයි ඇෆ්ගනිස්තාන වාර්තා කියයි.

