ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු ගණනේ 28 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ගණන 329ක් බව කියති.
ප්‍රහාරයට පැමිණි අයකු වාහනයක් තුළ බෝම්බයක් පුපුරවාගෙන ඇතැයිද ඉන් පසු තුවක්කුකරුවකු වෙඩි තැබූ බව ද වාර්තාවේ. මේ වන විට තුවක්කු ප්‍රහාර අවසන්ව ඇති බවත් එම ප්‍රදේශය යථා තත්ත්වයට පත්කර ඇති බවත් කියති.
තලේබාන් ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.
රාජකාරියේ යෙදී සිටි එරට පොලිස් නිලධාරියකු පැවසූයේ ඔහු මෙතෙක් ඇසූ විශාලතම පිපුරුම් හඬ එය බවයි. පිපිරුමෙන් පසු විනාඩි 20ක් යනතුරු ඔහුට කිසිවක් ඇසුණේ හෝ පෙනුනේ නැති බවත් පවසා ඇත.




