චීනයේ ශීජියැං පළාතේ වෙන්ශු නගරයේ එක ළඟ තිබූ ගොඩනැගිලි හතරක් කඩා වැටී මිනිසුන් විසි දෙදෙනෙකු පමණ මිය ගිය බව චීන ආරංචි කියයි.
1970දී පමණ ඉදි කර ඇති මෙම ගොඩනැගිලි අබලන් වී තිබූ බවත් සංක්‍රමණික කම්කරුවන් පිරිසක් අඩු කුලියට එහි වාසය කළ බවත් චීන මාධ්‍ය පවසයි.
සුන්බුන් වලට යටවී සිටි හය දෙනකු පමණ බේරා ගැනීමට හැකිවී ඇත.




