නේපාලයේ කත්මන්ඩු නුවර චාරුමතී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට මුල්ගල් තැබීම කොටුගොඩ ධම්මාවාස අනු නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කැරිණි.
චාරුමතී බෞද්ධ විහාරයේ ශාඛාවක් ලෙස ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානයේ සාමනේරයන් වහන්සේලා පුහුණු කිරීම, භාවනා පන්ති පැවැත්වීම පුස්තකාල පහසුකම් සැපයීම ආදී බෞද්ධ කටයුතු රැසක් සිදු කිරීමට නියමිතය.
අනුරාධපුර අවුකන පිළිමයේ අනුරුවක් ද මෙහි ඉදිකිරීමට යයි.
චාරුමතී බෞද්ධ විහාරය අශෝක අධිරාජයාගේ දියණියක වන චාරුමතී විසින් ඉදිකරන ලද අතර වත්මනෙහි එහි විහාරාධිපති ලෙස කටයුතු කරනුයේ නේපාලයේ තපස්සිධම්ම හිමියෝය.
මුල්ගල් තැබීමේ අවස්ථාවට මැලේසියාවේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සරණංකර නායක හිමි, අනුරුද්ධ, ලුම්බිණියේ මෛත්‍රී, නේපාලයේ කොණ්ඩඤ්ඤ යන හිමිවරු ද නේපාලයේ ශ්‍රී ලංකා තානාපති ඩබ්ලිව්.එම්.සෙනෙවිරත්න මහතා ඇතුළු ආරධිතයෝ රැසක් ද එක්ව සිටියහ.








