ඕස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්


ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් දහස් ගණනක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් පුද්ගල මරණයක් වාර්තා වී ඇතැයි ද පැවැසෙයි.

නිවාස 1,700 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර එරට තදාසන්න ප්‍රදේශ 6ක් ගංවතුර බලපෑම් එල්ල වී ඇතැයි පැවැසෙයි.

මේ හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස හැර යන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ. ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යාඥයින් ප්‍රකාශ කර ඇත්තේ, වසර 60 කට පසු එරටට බලපා ඇති දරුණතම ගංවතුර තත්ත්වය මෙය බවය.