ඕස්ට්‍රේලියාව ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වයි


ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉලක්ක කරගෙන එළැඹෙන නත්තල් දිනය දා එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් ඕස්ට්‍රේලියා පොලිසිය මැදිහත්ව වළක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙල්බන් හි ෆ්ලින්ඩර්ස් වීදියේ දුම්රියපොළ, ෆෙඩරේෂන් චතුරස්‍රය සහ ශාන්ත පෝල් දෙව් මැදුර යන ස්ථාන ත්‍රස්ත ඉලක්ක වී තිබී ඇත.

උතුරු මෙල්බන්හි නිවාස පරීක්ෂාවකදී හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති ඕස්ට්‍රේලියා පොලිසිය ත්‍රස්ත ප්‍රහාරයක සැලසුම් අනාවරණය කරගෙන ඇතැයි වාර්තාවේ.