ඔළු දෙකේ වවුලෙක් බ‍්‍රසීලයේ


(ගයාන් සූරියආරච්චි)

හිස් දෙකක් සහිත බද්ධවූ වවුලන් දෙදෙනකු පිළිබඳව දකුණු දිග බ‍්‍රසීලයෙන් වාර්තාවේ.

මෙවැනි උපතක් සිදුවූ තෙවැනි අවස්ථාව මෙය බව ද කියැවේ. මොවුන් එක් සිරුරකින් බද්ධ වූ පිරිමි සතුන් වන බවට හඳුනාගෙන තිබේ.

දකුණු දිග රියෝ ඩි ජැනීරෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම වවුලන් සොයාගනු ලැබූහ.

කුමන කරුණක් හේතුවෙන් මොවුන් බද්ධ වන්නට ඇත්දැයි පර්යේෂකයන් තවමත් සොයාබලන අතර සාරවත් ඩිම්බ දෙකක් විභේදනයවීමට ප‍්‍රමාදවීම හේතුවෙන් මොවුන් නිර්මාණය වන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මොවුන් දෙදෙනාගේ හෘද වස්තූන් සාමාන්‍ය පරිදි පිහිටා ඇති බව අල්ට‍්‍රාසවුන්ඞ් විශ්ලේෂණ මගින් අනාවරණය වී තිබේ.