ඔස්ට්‍රියාවේ වෙඩි තැබීමක්


ඔස්ට්‍රියාවේ ග්‍රාස් නුවර පාසලක සිදු වූ වෙඩි තැබීමකින් පාසල් දරුවන් ද ඇතුලු 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම වෙඩි ප්‍රහාරයෙන් තවත් සිසු දරුවන් සහ ගුරුවරුන් ඇතුළු කිහිප දෙනෙකු තුවාල ලබා සිටින බවය.

වෙඩි ප්‍රහාරය එල්ල කළේ ද පාසලේ සිසුවෙකි. ඔහු දිවි නසා ගත් බව පැවැසෙයි.