ගැටුම් පවතින සිරියාවේ අලෙප්පෝ නගරයේ සිරවී සිටින 250 000ක පමණ සාමාන්‍ය ජනතාවට ආධාර කරන්නැයි එහි තවදුරටත් සේවයේ යෙදී සිටින වෛද්‍යවරු කණ්ඩායම ඇමරිකානු ජනපති බැරක් ඔබාමාගෙන් ආයාචනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍යවරු 29දෙනකුගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලිපියෙන් අවධාරනය කර ඇත්තේ දැනට සිදු කරන ආකාරයේ පහරදීම් දිගින් දිගටම පැවතුනහොත් මාසයක් ගතවනවිට අලෙප්පෝ නගරයේ කිසිවකුත් ඉතිරි නොවනු ඇති බවයි.
අලෙප්පෝ නගරයට සිදු කරන ගුවන් ප්‍රහාර නවත්වන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
රුසියාව පවසා ඇත්තේ දිනකට පැය තුනක සටන් විරාම කාලයක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
මිලියන ගනනක් ජනතාවට උපකාර කිරීම සඳහා පැය තුනක කාලය කිසිසේත් ප්‍රමානවත් නොවන බවත් ඒ සඳහා පැය 48ක විරාම කාලයක් ලබා දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.



