සම්බුදු තෙමගුල සිහිකැරෙන වෙසක් උත්සවය සමරමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා තායිලන්ත තානාපති කාර්යාලය ඒකාබද්ධව සැමරුම් උත්සවයක් නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල මූලස්ථාන ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
ඒ සඳහා විශේෂ ආරාධිතයන් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ලේකම් බැන්කි මූන්, වැඩබලන සභාපති කොළොම්බියා තානාපතිනි මරියා වේල්ස්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති ආචාර්ය රෝහන් පෙරේරා සහ තායිලන්ත තානාපති විරචායිප්ලාසයි ද දෙරටේ ගිහි පැවිදි විශාල පිරිසක්ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිරිස එක්ව සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වූහ.





