මාලි රාජ්‍යයේ උතුරු ප්‍රද්‍ෙශයේ කිඩාල්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක කාර්යාලයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් තිදෙනකු මියගොස් 14ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගිනියාවේ සිට පැමිණි එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිතයන් දෙදෙනකු ද සාමාන්‍ය වැසියකු ද මියගිය අය අතර වෙයි. ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් ප්‍රහාරය සිදුකරන්නට ඇතැයි සැක කරන බව බලධාරීන් ප්‍රකාශ කරයි.

