තම න්‍යෂ්ටික අත්හදා බැලීම් සාර්ථක ලෙසත් තමන්ට හැකි උපරිම අයුරිනුත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව උතුරු කොරියාව නැවත වරක් ප්‍රකාශ කර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ආක්‍රමණශීලි තත්ත්වයට මුහුණ දීමේ අරමුණින් මෙසේ අඛණ්ඩව හා සාර්ථක ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීම් කරන බව උතුරු කොරියාව සඳහන් කරයි.
න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල වැඩසටහන නිසා උතුරු කොරියාව සමඟ දරුණු ගැටුමක් නිර්මාණය විය හැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන මොහොතක උතුරු කොරියාව ඒ බව සඳහන් කළේය. කොරියානු අර්ධද්වීපයේ ඇති වී තිබෙන තත්ත්වයක කොයි යම් මොහොතක හෝ පාලනයෙන් ගිලිහිය හැකි බව චීනය පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.
තම බලය පෙන්වීමේ අරමුණින් එක්සත් ජනපදය කොරියානු අර්ධද්වීපයට න්‍යෂ්ටික බලය සහිත යු.එස්.එස් කාල් වින්සන් යැවීමට කටයුතු කළ අතර ඇමෙරිකා නාවික හමුදාවත් දකුණු කොරියා හමුදාවත් එක්ව ඒකාබද්ධ යුද්ධ අභ්‍යාස ද පැවැත්වීමට නියමිතය. මෙම යුද අභ්‍යාසවලට ජපානය ද සම්බන්ධ වීමට නියමිත යැයි වාර්තා වේ.
උතුරු කොරියාව ත්‍රස්තවාදයට උදව් දෙන රටවල් ගොන්නට ඇතුළත් කරන බවත් උතුරු කොරියාවට එරෙහිව නව ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධ පනවන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය පසුගිය සතියේදී ප්‍රකාශ කළ අතර තම න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් වේගවත් කරන බවත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඊට ප්‍රති-චාර දක්වමින් උතුරු කොරියාව සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැනවූ සම්බාධක පනවා තිබියදී හා තවදුරටත් සම්බාධක පැනවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනා ඉදිරිපත් වී තිබියදී උතුරු කොරියාව පසුගිය කාලයේදී න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් සහ මිසයිල අත්හදා බැලීම් කිහිපයක්ම සිදු කර තිබේ. මීට පෙර නොවූ අයරින් උතුරු කොරියාව මේ වසරේදී මිසයිල අත්හදා බැලීම් සිදු කර තිබෙන අතර අන්තර් පරාස මිසයිල සහ සබ්මැරීනවල සිට දියත් කළ හැකි මිසයිල අත්හදා බලා ඇතැයි ද විශ්වාස කෙරේ.

