උතුරු කොරියා ජනපති මෝඩයෙක්-පිලිපීන ජනපති


 ‘උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් මෝඩයෙක්’ යැයි  පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටාටේ මහතා පවසයි.

උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බැලූ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පිලිපීන ජනාධිපතිවරයා එසේ උතුරු කොරියානු නායකයාට චෝදනා කර තිබේ.

රොද්‍රිගෝ ඩුටාටේ ජනාධිපතිවරයා මෙම චෝදනාව එල්ල කරන ලද්දේ උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් පිලිපීන සත්කාරකත්වයෙන් ජාත්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වීමට දින කිහිපයක් තිබියදීය.

ලබන සතියේදී කොරියානු අර්ධද්වීපයේ සියලු රටවල විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පිලිපීනයේදී ජාත්‍යන්තර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදි උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

“කිම් ජොන් උන් මෝඩයෙක්, ඔහු භයානක සෙල්ලම් බඩු එක්ක සෙල්ලම් කරනවා. ඔහු මෝඩයෙක්” යැයි එරට නිලධාරීන් පිරිසක් අමතමින් පිලිපීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


(ඒ.එෆ්.පී)- 055