උතුරු කොරියාවේ ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 133 දෙනක් පමණ මිය ගොස් ඇති බවත් තවත් 400ක පමණ පිරිසක් අතුරුදන් වී ඇති බවත් වාර්තා වෙයි. දස දහස් ගණනක් අවතැන් වී ඇත. විශාලම හානිය සිදුවී ඇත්තේ චීන දේශ සීමාව ආසන්නයේ පිහිටි ටියුමන් ගඟ පිටාර ගැලීමෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසන්නේ ගංවතුර තත්ත්වය තදින් බලපා ඇති සමහර ප්‍රදේශ වලට ළඟා වීමද අපහසු බවයි.
උතුරු කොරියාව දීර්ඝ කාලීනව ආහාර අර්බුදයකින් පෙළෙන විදේශීය ආධාර වලින් යැපෙන රටක් බැවින් තත්ත්වය වඩාත් බරපතල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.




