ඊශ්‍රාල භට පිරිසක් කඩාවැදුණූ රථයේ සිටි පලස්තීනුවන් දෙදෙනකු මරුට


ඊශ්‍රාලයට අයත් වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේදී පලස්තීන ජාතිකයන් තිදෙනකු ගමන්ගත් මෝටර් රථයක් ඊශ්‍රායල හමුදා භට පිරිසක් වෙත කඩා වැදීමෙන් රථයේ ගමන්ගත් පලස්තීනුවන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 

ඊශ්‍රායල හමුදා නිලධාරියෙකු ද බරපතල ලෙස තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බලධාරීහු පවසති. 

මෝටර් රථයේ පැමිණි අනෙක් පලස්තීන ජාතිකයා ද සුළු තුවාල ලබා ඇත.

පලස්තීනුවන් විසින් 2015 හා 2016 වසරවල මෙවැනි අනතුරු සුලභව සිදුකල බවත් මේ වනවිට ඒවා සැලකියයුතු තරම් අඩුවී ඇති බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

 

(රොයිටර් පුවත් ඇසුරිඅණි - 085)