ඊශ්‍රායල හමුදා බේරූට් අගනුවරට බෝම්බ දමයි


ඊශ්‍රායල හමුදා, ලෙබනනයේ බීරූට් අගනුවරට දිගින් දිගටම බෝම්බ හෙලන බව වාර්තා වේ. ඒ, ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එසේ එල්ල කළ ප්‍රහාරවලින්, ලෙබනන් සිවිල් වැසියෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඊශ්‍රායල හමුදා මේවනවිට, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පමණක් නොව, ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ද ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි.

ඊශ්‍රායලය, ලෙබනනය සමඟත් ගාසා තීරයේ හමාස් සංවිධානය සමඟත් සටන් විරාමයක එකඟ වී සිටි අතර, එම සටන් විරාම සියල්ල මේ වනවිට අවසන් වී ඇත.