ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් තිදෙනකුට නිදහස


ඊශ්‍රායල ජාතික ප්‍රාණඇපකරුවන් තිදෙනකු වන ඇලෙක්සැන්ඩර් ටෘෆනොව්, සගුයි ඩෙකල්-චෙන් සහ යායර් හෝන් නමැති තිදෙනා නිදහස් කිරීමට ගාසා හමාස් සංවිධානය තීරණය කළේය.

ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඊශ්‍රායල රජය, ඔවුන්ගේ අත්අඩංගුවේ සිටින පලස්තීනුවන් 369 දෙනකු නිදහස් කිරීමට නියමිතව සිටින බව වාර්තා වේ.

ඊශ්‍රායල හමාස් සාම කතාවල දෙවැනි අදියර ලබන සතියේ ආරම්භ වීමට නියමිත අතර, හමාස් සංවිධානය පවසා ඇත්තේ, අතරමැදියන් නොමැතිව, තමන්ට ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීමට අවශ්‍ය බවය.

(එන්.ඩී.ටීවී.)