ඊශ්‍රායල ප්‍රහාරයෙන් සිරියා හමුදා මූලස්ථානය වැනසෙයි


සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටි එරට හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල මුළුමනින්ම විනාශ විය.

ඊශ්‍රායලය මෙසේ සිරියාවට ප්‍රහාරයක් එල්ල කළේ සිරියානු නව අන්තර්වයාර රජයේ හමුදා සහ එරට වාර්ගික සටන්කාමීන් අතරේ දරුණු ගැටුම් ඇවිලෙමින් පවතින අවස්ථාවක වීම විශේෂත්වයකි. එම ගැටුම් පවතින්නේ දකුණු සිරියාවේ ස්වීඩා නගරය කේන්ද්‍රකොට ගනිමිනි.