නිල විදෙස් සංචාරක් සඳහා ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතය.
ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ දිවුරුම් දීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු විදෙස් රාජ්‍ය නායකයා වනු ඇත්තේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වොෂින්ටනයට පැමිණියේ ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමක් පිළිගනිමිනි.
මෙම නිල සංචාරයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පමණක් නොව, ට්‍රම්ප් පරිපාලනයේ බොහෝ දෙනකු හමුවනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ගාසා තීරයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතර ආරම්භ වී ඇති සටන් විරාමයේ දෙවැනි අදියර සම්බන්ධයෙන් ද නෙදන්යාහු සහ ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ඇමෙරිනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ යුදෙව් ඊශ්‍රායලයටය.
(ඒ.එෆ්.පී.)