ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ හමුදා මුරපොලක සිදුවූ ප්‍රහාරයකින් සෙබලුන් 12දෙනකු මියගොස් තවත් සෙබලුන් අට දෙනකු තුවාල ලබා ඇති බව ඊජිප්තු ආරක්ෂක අංශ පවසයි. ප්‍රහාරය සිදුකිරීම සඳහා පැමිණි සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් 15දෙනකුද මියගොස් ඇති බව වාර්තා වේ.
බලධාරීන් පවසන්නේ සන්නද්ධ කණ්ඩායම විසින් මැෂින් තුවක්කු සහ සැහැල්ලු අවි යොදාගෙන ප්‍රහාර එල්ල කළ බවයි. මෙම කණ්ඩායම අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් හා සම්බන්ධකම් පවත්වන කණ්ඩායමක් බව ද අනාවරණය වී ඇත.




