සංචාරකයන්ට මුහුදු පතුළේ සුන්දරත්වය, අත්විඳීමට ඉඩ සලසන, ඊජිප්තු සංචාරක සමාගමකට අයත් සම්බැරීනයක්, ඊජිප්තුවට ඔබ්බෙන් රතු මුහුදේදී අනතුරට පත් විය.
අනතුරට පත් වෙද්දී ‘සිම්බෑඩ්’ නමැති එම සබ්මැරීනයේ විවිධ රටවල සංචාරකයෝ 50 දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් පස් දෙනෙක් වූහ. කාර්ය මණ්ඩල සාමාජිකයන් සියලු දෙනා ඊජිප්තු වැසියන්ය.
අනතුරින්, සංචාරකයන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. සබ්මැරීනය අනතුරට පත්වුණු බව සැලවීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ඇරැඹිණි. ඒ, ඊජිප්තු වෙරළාරක්ෂක නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සම්බැරීනයේ සිටි 39 දෙනකු බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් වුණු බවය.
සම්බැරීනය අනතුරට පත් වූයේ ඊජිප්තුවේ හුර්ගාඩා වෙරළට කිලෝ මීටරයක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදීය.
අනතුරට පත් වෙද්දී, සබ්මැරීනයේ රුසියන්, නෝර්වේ, ස්වීඩන් සහ ඉන්දීය සංචාරකයන් සිට ඇත. අනතුරින් මියගිය 6 දෙනා රුසියානුවන් බව පැවැසෙයි.
මීටර් 25 ක් ගැඹුරට යාත්‍රා කරමින්, රතු මුහුදේ කොරල්පර සහ මුහුදු ජීවීන් නැරැඹීමට සංචාරකයන්ට අවස්ථාව ලබා දෙන සබ්මැරීනයක් බව ද පැවැසෙයි.