තුර්කියේ ඉස්තාන්බුල් නුවර නගරාධිපති ඉක්රිම් ඉමාම්ග්ලූ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සහ ත්‍රස්ත කණ්ඩායම් සමඟ සබඳතා පවත්වන බවට එල්ල වන චෝදනා මුල්කොට ගනිමිනි.
ඉස්තාන්බුල් යනු තුර්කියේ දෙවැනි විශාලතම නගරයයි. ඉක්රිම් ඉමාම්ග්ලූ, වසර ගණනක පටන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ප්‍රතිවාදියෙකි.
තුර්කි මාධ්‍ය වාර්තා කළේ ඉක්රිම් ඉමාම්ග්ලූ සහ තවත් ඉස්තාන්බුල් නගරසභා නිලධාරීන් 100 කට වැඩි පිරිසක් විවිධ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගත් බවය.
(ඒ.එෆ්.පී.)