ඇමෙරිකන් බිලියනපති ඉලොන්ස් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම ‘ස්පේස් එක්ස් ස්ටාර්ෂිප්’ රොකට්ටුවක් අත්හදා බැලූ අතර, එය අසාර්ථක විය. අත්හදා බැලීම කළේ ‘ස්පේස් එක්ස් ස්ටාර්ෂිප් 9’ නමැති රොකට්ටුවය.
ස්පේස් එක්ස් සමාගම, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ ද අත්වැල් බැඳගෙන සිටී. නාසා ආයතනයේ අභ්‍යවකාශ කටයුතු සිදු කරන්නේ ද ‘ස්පේස් එක්ස්’ ආයතනයයි.
‘ස්පේස් එක්ස් ස්ටාර්ෂිප් 9’ රොකට්ටුව අත්හදා බැලුවේ, ස්පේස් එක්ස් සමාගමට අයත් ටෙක්සාස් ජනපදයේ කාන්තාර ප්‍රදේශයක පිහිටි ‘ස්ටාර් බේස්’ ගගන මධ්‍යස්ථානයේ සිටය.
‘ස්පේස් එක්ස් ස්ටාර්ෂිප් 9’ රොකට්ටුව ගුවන්ගත යී මිනිත්තු 30 ක් යද්දී එය පාලනයෙන් ගිලිහී ගිය බව ‘ස්පේස් එක්ස්’ සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
(ඒ.එෆ්.පී.)