ඉරානයේ ගල් අඟුරු පතලක පිපිරීමකින් 21 ක් මියයති


 (බී බී සී පුවත් ඇසුරිණි-085)

ඉරානයේ උතුරුදිග ගොලෙස්ටන් පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සිරවූ සිය සගයින් බේරාගැනීමට ගිය පතල් සේවකයින් 21දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් 70ක් පමණ තුවාල ලබා ඇත. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදුවන්නට ඇති බවද පතල් කම්කරුවන් 32ක් දෝනාවක සිරවී සිටි බවද බලධාරීහු පවසති. 
 
සිද්ධිය වන අවස්ථාවේ කම්කරුවන් 500ක් පමණ පතලේ සේවය කරමින් සිට ඇත. 
 
කම්කරුවන් සිරවී සිටින්නේ පොළව යට මීටර් 1300ක් පමණ දුරකිනි. සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමට ආපදා සේවකයින් යොදවා ඇතත් තවමත් ඔවුන්ට ගමන් කළ හැකි වී ඇත්තේ පතලේ මිටර් 600ක පමණ දුරක් පමණි. අනතුරුදායක ලෙස ගෑස් කාන්දු වීම නිසා බේරාගැනීමේ කටයුතු පමාවන බවද බලධාරීහු පවසති.

පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව සම්බන්ධව නිවැරදි තොරතුරු තවමත් වාර්තා වී නැත.