ඉරානය නායකයා මැරුවොත් ගැටුම අවසන් - ඊශ්‍රායලය කියයි


ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී ඝාතනය කිරීම ඊශ්‍රායලය සහ ඉරානය අතරේ පවතින එදිවිරාදිකම් අවසන් කිරීමට හේතුවක් නොවනු ඇති නමුත්, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීමට එය විසඳුමක් වේවි යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු පවසයි.

මේ වනවිට ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, මේ වනවිට, ඉරානයේ රහසිගත ස්ථානයක බංකරයක් තුළ සැඟවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායලය තවදුරටත් ඉරානයට පහර දෙමින් සිටින අතර, ඉරානය ද ඊශ්‍රායලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව වාර්තා වේ.

තමන් ප්‍රහාර නවත්වන්නේ, ඊශ්‍රායලය ප්‍රහාර නවත්වන්නේ නම් පමණක් බව ඉරානය පවසා ඇත.

පසුගිය සිකුරාදා දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් මියගිය ඉරාන වැසියන් ගණන 220 තෙක් ඉහළ ගොස් ඇති බව පැවැසෙයි.

එසේ මියගිය පිරිස අතරේ, කාන්තාවන් සහ කුඩා දරුවන් 70 දෙනකු සිටින බව ද ඊශ්‍රායල මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානය එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 20 කි.

(ඒ.එෆ්.පී.)