ඉරාන විදෙස් ඇමැති සෞදි කුමරු හමුවෙති


ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සහ සෞදියේ නිල නොවන පාලකයා ද වන ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ හමුවක් සෞදියේ දී පැවැත්විණි. 

ඊශ්‍රායල ඉරාන දොළොස් දින යුද ගැටුම අවසන් වීමෙන් පසු, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, සෞදි කුමරු හමුවුණු පළමු අවස්ථාව මෙයයි.

එහිදී ඊශ්‍රායල ඉරාන ගැටුමට ඇමෙරිකාව මැදිහත් වීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍යවරයාගේත් සෞදි කුමරුන්ගේත් අවධානය යොමු විය. සෞදිය ඇමෙරිකාවේ මිතුරකු වන අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සෞදි කුමරුන්ගේ සමීපතම මිතුරකු ද වෙයි.

සෞදි මාධ්‍ය වාර්තා පවසා ඇත්තේ, අරග්චි සහ සල්මාන් කුමරු එකිනෙකා හමුවෙමින්, ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ බවත්, නවතම කලාපීය සිදුවීම් සහ ඒ සම්බන්ධයෙන් සිදු කෙරෙන ප්‍රයත්නයන් පිළිබඳව සාකච්ඡා කළ බවත්ය.