ඉරාකයේ විරෝධතාකරුවන්ට කළ ප්‍රහාරයකින් 200 කට තුවාල


ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් එක් අයකු මියගොස් 200ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

ප්‍රධාන විරෝධතා රැළිය බැග්බෑඩ් නගරයේ පැවැත්වුණු අතර විරැකියාවට, දූෂණයට හා පොදු සේවා පවත්වාගෙන යෑමට අපොහොසත් වීම සම්බන්ධව විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් හඬ නැගූහ.

තුවාල ලැබූ අය අතර ආරක්ෂක අංශවල 40 දෙනකු ද සිටින බව සඳහන් වේ.

3000ක පමණ විරෝධතාකරුවන් පිරිසක් රජයේ කාර්යාල හා විදෙස් තානාපති කාර්යාල පිහිටි භූමි ප්‍රදේශයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ ඉරාක හමුදාව විසින් වෙඩි තබා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)