ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ආසන්න ස්ථාන දෙකක කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 12 දෙනකු මියගොස් 38 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් එක් බෝම්බයක් කරාදා නැමැති ජනාකීර්ණ ස්ථානයක පුපුරා ගොස් ඇති අතර එම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනෙක් බවත් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම බෝම්බයෙන් තුවාල ලැබූ පිරිස 33 දෙනෙකි.
අනෙක් බෝම්බය පුපුරාගොස් ඇත්තේ ගිණිකොන දිග බැග්ඩෑඩයේ ෂාබ් හි වෙළඳ පොළක දී ය. එම බෝම්බයෙන් එක් අයකු මියගොස් පස් දෙනෙක් තුවාල ලැබ සිටිති. බෝම්බ ප්‍රහාරයේ වගකීම තම සංවිධානය බාර ගන්නා බව අයිඑස් සංවිධානය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.

