ඉන්දුනීසියාවේ භූමි කම්පාවක්


ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් මුහුදු පතුළ පෙරේදා (13) රික්ටර් පරිමාණයේ ඒකක 6.7 ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගියේය.
භූමි කම්පාවේ ප‍්‍රබලත්වය කිලෝ මීටර් 400 ක් දුරින් පිහිටි ජකර්තා නුවරට දැනුණු බව ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් ජීවිත හෝ දේපොළ හානි හෝ සිදු නොවුණු අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් නොකෙරුණි.