ඉන්දුනීසියා ගුවන් හමුදාවට අයත් හර්කියුලස් සී-130 වර්ගයේ ගුවන් යානයක් ඉන්දුනීසියාවේ නැගෙනහිර පැපුවා පළාතේදී කඩාවැටීම නිසා යානයේ ගමන් ගත් සියලු දෙනාම මිය ගොස් ඇතැයි ඉන‍්දුනිසියා බලධාරින් පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් නියමුවාට යානය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුර සිදු වී ඇති බව ද ඔවුහු පවසති.




