ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්විණි. ඒ, ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ චීන සංචාරය අතරතුරදීය.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා තෙදින සංචාරයක් ආරම්භ කරමින් චීනයේ බීජිං අගනුවරට ගොස් සිටී.
එහිදී චීන විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා වටයකට ද අමාත්‍ය ජයිශංකර් එක්විය.
දේශසීමා අර්බුද හේතුවෙන් පළුඳු වූ ඉන්දු චීන ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍යකරණය කිරීමේදී පසුගිය මාස කිහිපය තුළ රටවල් දෙකම සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.