ඉන්දියාවේ ට්‍රෝලර් යාත්‍රාවක් බෙංගාල බොක්කේ දී මුහුදේ ගිලීමෙන් 17 දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
බෙංගාල බොක්කේ බංග්ලාදේශයට ආසන්න මුහුදේ දී මහා ගෞරි නමැති මෙම ට්‍රෝලර් යාත්‍රාව මුහුදේ ගිලී ඇතැයි කියති. යාත්‍රාව ගිලෙන අවස්ථාවේ මුහුද සැඩ වී තිබූ බවත් යාත්‍රාව ආධාර ඉල්ලා පණිවිඩ නිකුත් කර ඇති බවත් වාර්තාවේ.

